Monday, August 29, 2016

Game Editor එකෙන් games හදමු.

අද මම කියල දෙන්න යන්නේ මොකක්ද කියල මාතෘකාවෙන්ම තේරෙනවනේ. එහෙනම් ඔයාල කැමති ඇතිනේ game ගහන්න. ඔය internet එකේ අනන්තවත් game තියෙන්නේ හදාපු. Powered by unity, Powered by game editor, Powered by India games, 3D cricketer, Beast quest, games2win, gamezity, gamesclub වගේ ඕනෑතරම් තියෙන game එකක ඉහලින්ම තමන්ගේ නම දාගන්න කැමතිද? නිකන් කවෘවත්ගේ ගේමකට එහෙම නම් දාන්නේ නෑ. එහෙනම් තමන්ම game එකක් හදල නම දාගන්න ඕන. ඒ වැඩේට උදව්වක් වශයෙන් මම මේ ලිපිය දාන්නේ. එහෙනම් බලමු කොහොමද game හදන්නේ කියලා.
 
මම මේ වැඩේට යොදාගන්නේ game editor මෘදුකාංගය. හැබැයි පුතේ ඒකෙන් පුළුවන් 2D game හදන්න විතරයි.එහෙනම් මෙතනින් එයාලගේ වෙබ් අඩවියට ගිහින් බාගන්නකො.
 
 
 
දැන් ඒක extract කරගන්න. පස්සේ folder ඒක open කරන්න. install කරන්න ඕන නැහැ. එකේ තියෙන game editor.exe open කරන්න.open කරාට පස්සේ මෙහෙම තියෙයි.
 
දැන් create now! ඔබල game ඒක හදන්න පටන් ගන්න. අද මම එකේ actor එකක් හදන්න කියල දෙන්නම්. අනිත් ඒවා tutorial වල තියෙනවා
 
 
මුලින්ම අර එන add actor කොටස close කරලා අපහු menuවෙන් add actor තෝරලා ක්ලික් කරන්න. ඊට පස්සේ අර add actor කියල කොටසක් එනවා.එකෙන් actor ට දාන්න ඕන නම ලියල type ඒක normal ම තියල add ක්ලික් කරන්න.ඊට පස්සේ packman animation ඒක තියෙන actor එකක් වැටිලා තියෙයි.දැන් එක right click කරලා actor control තෝරන්න.ඊට පස්සේ add animation click කරලා file කොටසෙන් මේ file ඒක තෝරන්න.
 
 
GameEditor --> GameEditor --> Tutorials --> data --> CharStopRight
 
 
දැන් ok කරල actor control close කරලා බලද්දී packman animation ඒක වැද්දෙක්ගේ animation එකට වෙනස් වෙලා ඇති හොඳ හොඳ හොඳ game හදන්න එකේ තියෙන tutorials ටික බැලුවම හොඳටෝම ඇති. මම අදට යනවා.සමාවෙන්න අද ඒක ලිපියයි ලියන්න වුනේ.
 


 
 
 

No comments:

Post a Comment